fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෙහෙළිය CID අත්අඩංගුවට

    කෙහෙළිය CID අත්අඩංගුවට

    පරිසර අමාත්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, පැය 10ක පමණ කාලයක් අද දින ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

    අද රාත්‍රි‍යේදී ඔහු මාළිගාකන්ද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

    ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් මිලදීගැනීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්විය.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අමාත්‍යවරයාට ඊයේ (01) නියෝගයක් ලබාදුනි. ඒ අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් ද කරමිනි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට ඔහු කැඳවා තිබුණේ පෙරේදා දිනයේදී ය. එහිදී ඔහු නොපැමිණීම නිසා අධිකරණය ඊයේ එම නියෝගය ඊයේ ලබාදී තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.