සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හෙට (පෙබ.03) පෙරවරු 06.30 වනවිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලුවලට නොපමාව විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72කගේ එකමුතුව ඊයේ (පෙබ.01) උදෑසන සිට රටපුරා එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය අඛණ්ඩව දෙවැනි දිනටත් අද (01) ක්‍රියාත්මක විය.
කෙසේවෙතත්, සැලසුම් කර ඇති වැඩවර්ජනය රජයේ කුමන්ත්‍රණයක් බවට ඇතැම් වෛද්‍ය සංගම් චෝදනා කළ අතර, එම චෝදනාව කරමින් සමස්ත ලංකා හෙද සංගමය වර්ජනයට එක්වීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබුණි.
දීප ව්‍යාප්ත වැඩවර්ජනයට ප්‍රතිචාර වශයෙන්, ජනතාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් බාධාවකින් තොරව සැපයීම සහතික කිරීම සඳහා එක් එක් මධ්‍යස්ථානයේ අවශ්‍යතා අනුව රටපුරා පිහිටි රජයේ රෝහල් වෙත ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවන ලදී.