එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් තමා ඉල්ලා අස්වීමේ ලිපිය පෙරේදා(31) බාරදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මීළඟට ඒ පිළිබඳ අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතුව ඇතැයි හෙතෙම කියයි.
හිටපු මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් වත්මන් මහලේකම් තිලංග සුමතිපාල මහතාගේ පත්කිරීම අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනු කර ඇත. එහි නඩුව මේ වනවිට විභාගයට ගැනෙමින් තිබේ.
මහින්ද අමරවීර මහතා සිය පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ තම් තමාද මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව තිලංග සුමතිපාල මහතා ද මීට පෙර පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබුණි.
වත්මන් තත්ත්වය පිළිබඳ මහින්ද අමරවීර අමාත්‍යවරයා අද මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූයේ මෙසේය.
“පක්ෂයට දැන් අවස්ථාව දීලා තියෙනවා. අලුත් කෙනෙක් (මහලේකම්වරයෙක්) පත්කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉදිරියේදී නඩුවනේ තියෙන්නේ. නඩුවෙන් එපැයි අයින්වෙන්න. පෙරේදා තමයි ලියුම (ඉල්ලා අස්වීමේ ලිපිය) දුන්නේ. වචනයක් දුන්නොත් වචනය ඉෂ්ට කරනවානේ. මම දුන්නේ වචන හයයි. ඉල්ලා අස්වෙනවා කියලා දීලා තියෙන්නේ. අලුත් සන්ධානයක් හැදෙනවනේ. ඒකට ගන්නනේ මෙහෙම (නව මහලේකම්වරයෙක් පත්කිරීම) කළේ. ඊළඟට පත්වෙන කෙනා ගැන බලමු. මම දන්නේ නෑ කවුරු පත්වෙයිද කියලා.” යැයි අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වීය.
සබැඳි පුවත්
තිලංග තීන්දුවක් ගනී -මෛත්‍රීටත් දන්වයි