fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආරක්‍ෂක ලේකම් අනතුරට ලක්වූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

    ආරක්‍ෂක ලේකම් අනතුරට ලක්වූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

    හදිසි අනතුරකට ලක්ව තුවාල ලැබූ හමුදා පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ජාතික රෝහලට සහ යුද හමුදා රෝහලට ගොස් තිබේ.

    මෙම පැරෂුට් භටයින්ගේ ඉක්මන් සුවය පිණිස ගත හැකි ඉදිරි ප්‍රතිකාර පිළිබඳව ඔහු රෝහල් දෙකෙහිම වෛද්‍ය බලධාරීන් හමුවී සාකච්ඡා කළේය.

    ලබන 04 වැනිදාටට යෙදී ඇති 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් ගාලු මුවදොර පිටියේදී පැවති පෙරහුරුවේදී මෙම අනතුර සිදුවිය.

    අනතුරින් නිලධාරියෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලදි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.