තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දහස් ගණනක මගීන්ට අද කෝච්චි පාරේ පයින් යන්න වෙයි

    දහස් ගණනක මගීන්ට අද කෝච්චි පාරේ පයින් යන්න වෙයි

    දෙමටගොඩ සහ මරදාන දුම්රිය ස්ථාන දෙක අතර අද උදෑසන දුම්රිය මාර්ග අවහිරතාවක් සිදුවී තිබේ.

    මේ තත්ත්වය මුල් කරගෙන කාර්යාල දුම්රිය රැසක් මඟ නතර කර තිබීම හේතුවෙන් එම දුම්රියන්වල ගමන් ගන්නා කාර්යාල සේවකයින් රැසක් දැඩී අසීරුතාවයට පත්වූ අයුරු දක්නට ලැබිණි.

    දුම්රිය හතරක් පමණ ස්ථානය පසුකර මරදාන දෙසට එක පේලියට නතර කර තිබුණි.

    එම දුම්රියන්වල සිටි මගින් දුම්රියෙන් බැස මරදාන දුම්රිය ස්ථානය වෙත පා ගමනින් ගමන් කරනු ලැබීය. ඒ හේතුවෙන් මරදාන දක්වා දුම්රිය මාර්ගය එකම හිස් ගොඩක් බවට පත්ව තිබුණි
    .
    මෙම මාර්ග අභිරතාවයට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් කිසිවක් මෙතෙක් ප්‍රකාශ කර නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img