සියලුම රාජ්‍ය ආයතන පෙබරවාරි 28 හෝ ඊට පෙර තම වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ලබාදිය යුතු බව විගණකාධිපතිවරයා දැනුම් දී තිබේ.
ඉන්පසු වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළකිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව ඒ ඒ ආයතන වෙත ලබා දෙන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පැවසීය.
අදාළ විගණන කටයුතු සඳහා මාස 3ක කාලයක් ප්‍රමාණවත් බව ද විගණකාධිපතිවරයා කියයි.
මැයි 31 වැනිදාට පෙර වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළකිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව නිකුත් කරේ.