ජාතික නිදහස් දිනය වෙනුවෙන් පුහුණුවීම් අතරතුරදී සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් 4 දෙනෙකු අද (30) උදෑසන තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ගාලු මුවදොර පිටියේදී අද උදෑසන මෙම පුහුණුවීම් සිදුකරන අතරතුර මෙම අනතුර වී ඇත.
සුළගේ දිශාවේ විරල සහ අනපේක්ෂිත වෙනසක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි බලධැරීහු පවසති.
පැරෂුට් භටයන් හතර දෙනා සුළු තුවාල ලබා ඇත.
ඔවුන් කොළඹ ජාතික රෝහලට සහ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
වීඩියෝ – සමාජ මාධ්‍ය ඇසුරිනි. අයිතිය මුල් හිමිකරුවන් සතු ය.