fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිලඇදුමින් ඉන්න පොලිස් කාන්තාවකටවත් පාරේ යන්න නෑ

    නිලඇදුමින් ඉන්න පොලිස් කාන්තාවකටවත් පාරේ යන්න නෑ

    නිල ඇදුමින් සැරසී මහමඟ ගමන්කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකට අයුතු ලිංගික යෝජනාවක් කර ඇගේ අතින් අල්ලා හිරිහැර කළ පුද්ගලයෙකුව ඊයේ (27) සවස දිවුලපිටිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දිවුලපිටිය ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිට පොලිස් ස්ථානයට ගමන්කරමින් සිටියදී මෙම කොස්තාපල්වරිය මෙම අතවරයට ලක්ව ඇති බව පොලීසිය කියයි.

    දිවුලපිටිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් අසලදී මෙම පුද්ගලයා විසින් පොලිස් කොස්තාපල්වරිියට අයුතු ලිංගික යෝජනාව කර ඇගේ අතින් අල්ලා ඇයව ඔහු ළඟට ගෙන ඇති බවද පොලීසිය කියයි.

    මෙහිදී මෙම කොස්තාපල්වරිය දුරකථන ඇමතුමක් ගෙන මේ ගැන පොලිස් කොස්තාපල්වරයෙකුට දැනුම්දී ඇත.

    එම කොස්තාපල්වරයා තවත් කොස්තාපල්වරයෙක් සමඟ එම අවස්ථාවේදී ම එම ස්ථානයට පැමිණ කොස්තාපල්වරියට හිරිහැර කළ පුද්ගලයාව අඅත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පුද්ගලයා දිවුලපිටිය පින්නකැලේවත්තේ පදිංචි අවුරුදු 30ක් වයසැති පුද්ගලයෙකි.

    නිසි රැකියාවක් නොමැති මෙම පුද්ගලයාව අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කිරීමේදී හෙළිවී ඇත්තේ බීමත්ව සිටින බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.