fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතරගමදී වෑන් රථයක් මාරක අනතුරක -අයෙක් මරුට -6ක් රෝහලේ

    කතරගමදී වෑන් රථයක් මාරක අනතුරක -අයෙක් මරුට -6ක් රෝහලේ

    කතරගම සෙල්ලකතරගම මාර්ගයේ පස්සරයාය හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් 06 දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ අද(28) රාත්‍රී කාලයේදීය.

    සෙල්ලකතරගම දෙස සිට කතරගම දෙසට ධාවනය වෙමින් තිබුණු වෑන් රථයක් මාර්ගයේ නවතා තිබුණු යතුරු පැදියක, ගස් දෙකක හා බූම් ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි කතරගම පොලීසිය සඳහන් කළේය.

    මෙම අනතුරින් මියගොස් ඇත්තේ කතරගම පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

    තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුලත්කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.