fbpx
තවත්
    මුල් පිටුවspecialස්වීඩනයේ නේටෝ අයැදුමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය

    ස්වීඩනයේ නේටෝ අයැදුමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය

     
    නේටෝ සංවිධානයේ 32 වැනි සාමාජිකයා බවට පත්වීම සඳහා ස්වීඩනය කළ ඉල්ලීමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ වේ.

    මීට අදාළව දිගුකලක් ප්‍රමාද වූ පනත් කෙටුම්පත තුර්කි නීති සම්පාදකයන් විසින් 23 වැනිදා  අනුමත කරනු ලැබීය.
    තුර්කි පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ පැවති විවාදයකින් පසුව ඡන්ද විමසීම පවත්වනු ලැබූ අතර, මන්ත්‍රීවරු 346 දෙනෙක් ඊට සහභාගි වූහ. එහිදී පනතට පක්ෂව ඡන්ද 287 ක බහුතරයක් හිමිවිය. තුර්කි ජනාධිපති තායිප් එර්ඩොගන් මහතා නොබෝ දිනකින් අදාළ පනත් කෙටුම්පතට අත්සන් තැබීමට නියමිත ය.
    තුර්කි පාර්ලිමේන්තුවේ මෙම අනුමැතිය ස්වීඩන අගමැති Ulf Kristersson මහතා විසින් ද පිළිගෙන තිබේ.

    නේටෝවේ පූර්ණ සාමාජිකත්වය ලැබීම සඳහා ස්වීඩනය එක් පියවරකින් සමීප වූ බව අගමැතිවරයා ට්විටර් පණිවුඩයක සටහන් කර ඇත.
    ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධාන සාමාජිකත්වය අයදුම් කළේ 2022 වසරේ රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුවයි.

    කිසියම් රටක සාමාජිකත්වය සඳහා නේටෝවේ සියලුම සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය අවශ්‍ය වේ. ඒ අනුව, මේ වනවිට නේටෝ සංවිධානයට එක්වීමේ ස්වීඩනයේ අයදුම්පතට අනුමැතිය ලබා නොදුන් එකම සාමාජික රට වන්නේ හංගේරියාවයි.

    පසුගිය වසරේ මාර්තු මාසයේ දී තුර්කිය ෆින්ලන්තයේ ඉල්ලීම අනුමත කළ ද අන්කාරා අගනුවර පවතින ආරක්ෂක තත්ත්වය කෙරෙහි තවදුරටත් සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටීම නිසා ස්වීඩනයට සාමාජිකත්වය හිමිවීම ප්‍රමාද විය.

    මේ අතර, නේටෝවට එක්වීමට ස්වීඩනයට සහාය දෙන බව හංගේරියානු අගමැති Viktor Orbán මහතා ඊයේ (24) යළි පවසා තිබේ.

    ඊට අනුමැතිය ලබාදෙන ලෙස හංගේරියානු පාර්ලිමේන්තුවෙන් දිගටම ඉල්ලා සිටින අතර හැකි ඉක්මණින් අනුමත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන බව ද Orbán මහතා සමාජ මාධ්‍යයන් හි අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.