සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබු ආයතනගත පුද්ගලයින් 16,146 ක් වෙත මාසික දීමනාවක් ගෙවීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ අනුව ජනවාරි මාසයේ සිට රු 2000ක මාසික දීමනාවක් ගෙගවීමට අපේක්ෂා කෙරේ.
දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මෙම දීමනාව ගෙවීමට නියමිත ය.
ඒ අනුව පිරිවෙන්වල වැඩසිටින හිමිවරුන්, ළමානිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාසවල සිටින අබාධිත පුද්ගලයන් සදහා මෙම දීමනාව ගෙවීමට කටයුතු යොදා තිබේ.