fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ - උසස්පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක්

    සාපෙළ – උසස්පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක්

    spot_img

    අ.පො.ස සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීම ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    සම්පූර්ණ නිවේදනය පහතින්,

    මේ අතර තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසුන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    එම වැඩසටහන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කරන බව විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා කීය.

    අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී ක්‍රියාත්මක ය.

    එමෙන්ම මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ලබන මස 09 වැනි දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකියි.

    මෙම වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img