fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF නියෝග කියමින් ආණ්ඩුව ජනතාවට බදු පටවන හැටි විපක්ෂ නායකයා, නියෝජිතයින්ට කියයි

    IMF නියෝග කියමින් ආණ්ඩුව ජනතාවට බදු පටවන හැටි විපක්ෂ නායකයා, නියෝජිතයින්ට කියයි

    වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හට පවසා තිබේ.

    මේ නිසා සාමාන්‍ය ජනතාව, ගර්භනී මාතාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සාක්ෂි, සාධක සහ දත්ත සහිතව පෙන්වා දී ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂි හමුවක් ඊයේ (18) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවූ අවස්ථාවේදී හෙතෙම මේ බව පවසා තිබේ.

    මෙම හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර්, නේවාසික නියෝජිත සර්වත් ජාහන් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

    සමගි ජන බලවේග රජයක් යටතේ, වත්මන් රජය IMF එක සමග ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදුජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී කීය.

    ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    එසේම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදවා ගැනීමටත් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩ ගෙන දුකට, අසරණභාවයට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට කටයුතු කරනවා සේ ආණ්ඩු බලය ලැබුණු විගස කටයුතු කිරීමට ද විධිමත් සැලසුමක් මේ වනවිටත් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img