ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ප්‍රථම සංඥාව ලබාදී ඇති බව මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසයි.
IMF කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සංචාරය අවසන් කරමින් නිකුත් කරන ලද සමාලෝචනයෙන් අද(19) මේ බව ප්‍රකාශ කර ඇත.
මෙරට බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් 2023 වසරේ තුන්වන කාර්තුවේ දී රටේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ ධනාත්මක වර්ධනයක් සමඟින් අඩු උද්ධමනය, ආදායම් වැඩි කරගැනීම සහ බාහිර සංචිත ගොඩනැගීම නිසා ඊට හේතු ලෙස IMF නිලධාරීන් පෙන්වා දී තිබේ.
ඔවුන් පවසන්නේ, මෙම ස්ථාවරත්වය පුළුල් පදනමක් වීමට නම්, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ තවදුරටත් කටයුතු කිරීම අවශ්‍ය බවය.
එය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන, පූර්ණ සහ කල්පවත්නා ආර්ථික ප්‍රකෘතියක් සහතික කරනු ඇති බව ඔවුන්ගේ අදහසයි.
විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) යටතේ මෙරටට අනුමත කළ මුදල්වලින් දෙවන වාරිකය පසුගියදා හිමිවූයේ මෙරට විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක කිරීමට එකඟ වූ කොන්දේසි ක්‍රියාත්මක කර ඇත්දැයි සොයාබැලීම සඳහා සිදුකළ පළමු සමාලෝචනය අවසානයේ ය.
IMF නිලධාරීන් විසින් සිදුකරනු ලබන ඉදිරියේදී පැවැත්වීමට නියමිත දෙවන සමාලෝචනයේදී විධිමත් වත්මන් ආර්ථික ප්‍රකෘතියය පිළිබඳ විධිමත් ලෙස තක්සේරු කරනු ලබන බව එම අරමුදල කියයි.
මෑත සාර්ව ආර්ථික වර්ධනයන් සහ EFF විධිවිධාන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීමට පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායමක් පසුගිය 11 වැනිදා සිට අද(19) දක්වා ශ්‍රී ලංකාවට පැමිණ අදාළ තක්සේරු කිරීම් කරන ලදී.
“ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යථාතත්ත්වයට පත්වීමේ මුල් ලක්ෂණ පෙන්නුම් කරනවා. සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2023 තුන්වන කාර්තුවේදී වසරින් වසර සියයට 1.6 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. එය පිට පිට අඛණ්ඩව කාර්තු හයකදී සිදුවූ පළමු ප්‍රසාරණයයි. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අඩුවෙලා. උද්ධමනය පාලනය වෙලා. 2023 වර්ෂයේදී දළ ජාත්‍යන්තර සංචිත USD බිලියන 2.5 කින් වැඩිවී තිබෙනවා. ප්‍රගතිශීලී දේපල බද්දක් හඳුන්වාදීම සඳහා වේගවත් ප්‍රගතියක් මගින්, ආදායම් මත පදනම් වූ ඒකාබද්ධතාවය පවත්වා ගනිමින් සාධාරණ ලෙස බර බෙදාගැනීම සහතික කිරීම සඳහා ප්‍රධාන වෙනවා. කෙසේවෙතත්, මෙම වැඩිදියුණු කිරීම් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට පරිවර්තනය කිරීමට අවශ්‍ය බැවින් අභියෝග පවතිනවා.
ණය තිරසාර බව නැවත ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමට ණය හිමියන් අතර විශ්වාසය තවදුරටත් ගොඩනැගීම වෙනුවෙන් බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස් කිරීම් ඉවත් කිරීම සහ ප්‍රතිසංස්කරණ වඩාත් තිරසාර කිරීම සඳහා බදු පැහැර හැරීම් සක්‍රීයව ඉවත් කිරීම යනාදි බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍යයි.” යනුවෙන් ද පීටරර් බෲවර් මහතා සිය ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත.