fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා සෞඛ්‍ය සේවකයෝ වැඩවරති -හමුදාව රෝහලට -සාකච්ඡාවක් සූදානම්

    රටපුරා සෞඛ්‍ය සේවකයෝ වැඩවරති -හමුදාව රෝහලට -සාකච්ඡාවක් සූදානම්

    පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක සාමාජිකයෝ අද (16) රටපුරා රෝහල්වල එක්දින වැඩවර්ජනයක නිරත වෙති.

    ඒ වෛද්‍යවරුන්ට වැඩි කළ රුපියල් 35000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමිනි.

    ඉහත ඉල්ලීම මූලික කරගනිමින් අදාළ වෘත්තීය සමිතිවලින් බහුතරයක් පසුගියදා ද වැඩ වර්ජනයක නිරත විය.

    ඊට රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් එය තාවකාලිකව නතර කොට, අද සිට යළි පැය 24 ක වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

    දිවයින පුරා ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහල් වෙත ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

    ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ ඉල්ලීමක් මතයි.

    අද (16) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවීමට තමන් සූදානමින් සිටින බව, වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img