fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතු කම්කරු වැටුප් ඉහළට

    වතු කම්කරු වැටුප් ඉහළට

    මෙම මස අවසානය වන විට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දෑමීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    ඊට අදාල නියෝග සහ උපදෙස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශගතවීමට පෙර තමන්ට ලබාදුන් බවද හෙතෙම කීය.

    අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ ඊයේ (15) පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදීය.

    පසුගිය කාලය පුරාවමට මෙරට වතු කම්කරුවන් සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලීම රැසක් කර තිබිණි.

    මේ අතර මෙරට තරුණ ප්‍රජාව හට නව විදේශ රැකියා අවස්ථා රැසක් විවෘත කර දීමට පියවර ගන්නා බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේදී ඊශ්‍රයාලය තුල කෘෂි කාර්මික රැකියා 10000 ක් සඳහා අවස්ථා උදාකර ගැනීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ඉදිරියේදී කොරියානු කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කරගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා විසින්මෙහිදී අනාවරණය කරනු ලැබීය.

    රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම් පාර්ලිමේන්තුවත් ගිනි තබා, ඩොලරයත් රුපියල් දහසකට වඩා ඉහළ ගොස්, පාන් ගෙඩියක් ගන්න වීල් බැරෝවකින් මුදල් ගෙන යන රටක් බවට මේ රට පත්වීමට තිබූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක සිදුවෙමින් පවතින අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බෙදෙන්නේ නැතිව සියලු දෙනාම එකට එක්විය යුතු බවද, ඒ සදහා වන වේදිකාව “යුනයිටඩ් නැෂනල් පීපල්” හරහා ගොඩ නගා ඇති බවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරයා බවට පත් කිරීමේ ගමන ඉදිරියට යන බවද අමාත්‍යවරයා කීවේය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img