fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්TIN ගන්න TIN දෙන්න ෂෝට් කට් එයි

    TIN ගන්න TIN දෙන්න ෂෝට් කට් එයි

    අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

    ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු ද සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

    මීට පෙර ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත නිකුත් කිරීමේ දී කටයුතු කළ ආකාරයට ම කාර්යක්ෂම ක්‍රියාවලියක් මෙහෙ දී ද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    විශේෂයෙන් ම දැනට මාර්ගගතව ලියාපදිංචිවීමේ අයදුම් පත්‍රය තවදුරටත් කෙටි කිරීම සහ අංකය ලබාගැනීමට දැන ගතවන දින පහක පමණ කාලය කෙටි කිරීම පිළිබඳ ව මෙහි දී අවධානය යෙමු විය.

    ඒ අනුව රාජ්‍ය පරිපාලන, දේශීය ආදායම් නිලධාරීන් විසින් ඊට අදාළ නීතිමය පියවර ඉදිරියේ දී ගැනීමට නියමිත ය.

    TIN ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රාජ්‍ය පරිපාලන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.