fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙ වෙනුවෙන් මේ මාසේ එළියට එන සන්ධානය

    ඡන්දෙ වෙනුවෙන් මේ මාසේ එළියට එන සන්ධානය

    සමඟි ජනසන්ධානය ජනවාරි මස අවසන්වීමට පෙර එළිදක්වන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පවසයි.

    ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙම සන්ධානය නිර්මාණය කරන බව හෙතම කියා සිටියේය.

    සමගි සන්ධානයට වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් එක් කර ගැනීමේදී දූෂණ චෝදනා එල්ල නොවූ මෙන්ම ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සුදුසු පුද්ගලයින් එක්කර ගන්නා ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.