fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය හෙට මෙරටට

    බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය හෙට මෙරටට

    බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සමාජිකාවක් වන ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරස්න් තෙදින නිල සංචාරයක් සඳහා හෙට (10) දින මෙරටට පැමිණීමට නියමිතය.

    දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙම සංචාරය සිදුවන බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    කොළඹ දී ඈන් කුමරිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමටද නියමිතය. ඇයගේ සංචාරය අතරතුර දී ව්‍යාපාර, සමාජ සේවා සහ පුණ්‍ය පදනම්වල නියෝජිතයන්ද හමුවීමට සැලසුම්කර ඇති බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.