fbpx
තවත්
    මුල් පිටුවspecialක්‍රිකට් ලෝකය හෙල්ලූ තුන්ඉරියව් විශිෂ්ටයා පාර්ලිමේන්තුවත් දිනයි

    ක්‍රිකට් ලෝකය හෙල්ලූ තුන්ඉරියව් විශිෂ්ටයා පාර්ලිමේන්තුවත් දිනයි

    බංග්ලාදේශ මහමැතිවරණයෙන් එරට ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් ‘විශිෂ්ට ජයග්‍රහණයක්’ ලබමින් පාර්ලිමේන්තු අසුනක් හිමිකරගෙන තිබේ.

    ෂකීබ් අල් හසන්, සිය ආසනය වන මගුරා මැතිවරණ කොට්ඨාශයේ, තම ප්‍රතිවාදියා පරාජය කර ඇත්තේ ඡන්ද 150,000 කට වඩා වැඩි පරතරයකින් වීම විශේෂත්වයකි.

    36 හැවිරිදි ශකීබ් අල් හසන් ක්‍රිකට් කණ්ඩායමේ කටයුතු කළ අයුරින්ම, සියලු ආකාරවලින් සිය දේශපාලන කණ්ඩායමට නායකත්වය දෙමින් සිටින බව එරට වාර්තා පෙන්වාදෙ.

    ෂකීබ් මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබා ඇත්තේ අගමැතිනි ෂීක් හසීනාගේ නායකත්වයෙන් යුත්, පාලක අවාමි ලීග් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙමිනි.

    ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP), මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබුණි.

    ආන්දෝලනාත්මක මහමැතිවරණයක් වුවද එරට අගමැතිනි ෂීක් හසීනා පස්වන වරටත් තම සියතට බලය ලබා ගැනීමට මෙම මහ මැතිවරණයේදී සමත්ව තිබෙන බව වාර්තා පවසයි.

    පාර්ලිමේන්තු අසුනක් ජයග්‍රහණය කළත් ෂකීබ් තවමත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් නොමැති බව ඔහු අවධාරණය කර තිබේ.

    ක්‍රීඩාවෙන් කෙටි විරාමයක් පමණක් ගනිමින් රටේ නීති සම්පාදකයෙකු මෙන්ම ක්‍රිකට් නායකයෙකු ලෙසත් තම රැකියාව සාර්ථකව හසුරුවා ගත නොහැකි බවට, සෙසු අය කරන ප්‍රකාශ ඔහු දැඩිව ප්‍රතික්ෂේප කර ඇත.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව, ක්‍රිකට් ක්‍රීඩාවේ ආකාර තුනෙන්ම, තුන් ඉරියව් ක්‍රීඩකයින් සඳහා එකවර ඉහළම ස්ථානය හිමි කරගත් පළමු පුද්ගලයා ෂකීබ් අල් හසන් ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.