fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති මනූෂ ඉටුකළ දින 7 පොරොන්දුව

    ඇමති මනූෂ ඉටුකළ දින 7 පොරොන්දුව

    විගමනික ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට දෙමළ මාධ්‍යයෙන් සේවාවන් සැපයීමට කාර්යාලයක් නව වසරේ පළමු දින 7 තුල ලබාදෙන බවට දුන් පොරොන්දුව ඉටුකරකමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (07) නව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලය ආරම්භ කර ති‍බේ.

    ඉකුත් දෙසැම්බර් 18 වැනිදා පැවති උත්සවයකදී විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් විසින් දෙමළ බසින් සේවය සැපයීමේ කාර්යාලයක් නුවර එළියට ලබාදෙන ලෙසට අමාත්‍යරවයාගෙන් ඉල්ලා තිබුණි.

    කලක් තිස්සේ බරපතළ ගැටලුවක්ව පැවති ප්‍රශ්නයට විසඳුම්් ලබාදීම සම්බන්ධයෙන් එම පවුල්වල දරුවන් නාට්‍යයක් රගදක්වා අමාත්‍යවරයාට සිය කෘතඥතාවදය පළ කළේය.

    නුවරඑළියේ ජනතාවට, නුවරඑළියේ ඊළග පරම්පරාවට වැඩ කළ යුතු වන්නේ ඡන්ද බලාගෙන නොවන බවත්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා වන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

    ජාත්‍යන්තර සංකමණිකයින්ගේ දිනය යෙදී තිබුණ දෙසැම්බර් 18 වැනිදා පැවති උත්සවයකදී විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් කළ ඉල්ලීම් පහෙන් හතරක් ඉටු කර ඇති බවත්, නුවරඑළියට දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදුන්නේ ඒ අනුව වන බවත් මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය.

    සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතීන් බෙදා වෙන් කළ සියලුම දේශපාලඥයින්ට සාප වන බව පැවසූ මනුෂ නානායක්කාර මහතා ඒ බෙදීම නිසා අද දිනයේදී තමන්ට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක් කතා කිරීමට නොහැකිවී ඇති බවද කීවේය. දැන් ඉතිහාසයට චෝදනා කරමින් නොසිට අනාගතයේ සිටින පුංචි දරුවන් වෙනුවෙන් හෝ රට ගොඩ නැගිය යුතු බවද ඇමැතිවරයා සදහන් කළේය. දේශපාලඥයින් ගැනීමට අකමැති, ජනප්‍රිය නොවන තීන්දු වන බදු වැඩි කිරීම්, වැටුප් කප්පාදු කිරීම් කරමින් දැවැන්ත වෙනසක් මේ වන විට ඉටු කරමින් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතමින් බවද ඔහු පැවසුවේය. අනාගතය දකින නායකයාගේ අඩි පාරේ යමින් තමන්ද නුවරඑළියට පැමිණ තීන්දු තීරණ ගත් බවද ඇමැතිවරයා කීවේය.

    වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ජනාධිපතිවරයා විසින් මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

    ග්‍රාම නිලධාරී කාර්යාලයක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ආරම්භ කිරීමට මන්ත්‍රීවරුන් හත් අට දෙනෙක් එක්ව වසර පහලොවක් විස්සක් උත්සාහ කරන තත්වයක් තුළදී දින කිහිපයක් තුළදී නුවරඑළියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීම සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර පිළිබද තමන් ආඩම්බර බවද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.