fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2024 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන සැලැස්ම පිළිබඳ සැසියක් බෙයිජිං අගනුවරදී

    2024 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන සැලැස්ම පිළිබඳ සැසියක් බෙයිජිං අගනුවරදී

     
    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්‍ෂණ කොමිසමේ තුන්වැනි පූර්ණ සැසිය ලබන 8 වැනිදා බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතය. 2024 නව වසරේ පක්ෂයේ පාලන සැලැස්ම කෙරෙහි එම සැසියේ දී අවධානය යොමුකෙරෙනු ඇත.
     
    2023 වසරේ දූෂණය පිටුදැකීම සඳහා චීනය ඵලදායී පියවර රැසක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව, එම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රෙගුලාසි උල්ලංඝනය කිරීම් පිළිබඳ නඩු 79,000 කට අධික සංඛ්‍යාවක් විමර්ශනය කර ඇත. ඒ අතරින් ඉහළම සංඛ්‍යාව, ආර්ථික හා සමාජ සංවර්ධන සේවා සහ පරිසර ආරක්ෂණ සේවාවන්හි දී වගකීම් විරහිතව ක්‍රියා කිරී‍ම පිළිබඳ සිදුවීම් වන අතර අදාළ නඩු ගණන 29000 කි. එය සමස්ත සංඛ්‍යාවෙන් 37% ක් වේ.
     
    චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු සියවස් ජයග්‍රහණ හිමිකර ගනු ලැබුවේ පක්ෂය හා ජනතාව එක්ව කටයුතු කිරීමෙන් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ. පක්ෂයේ අභිලාෂයන් යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා තවදුරටත් කැප වී ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කර ඇත.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.