ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී භාරදුන් මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය.