චීන වරාය මාබල් බීච් (වෙරළ තීරය) නැරඹිමට ගොස් දිය නාමින් සිටි පාසල් සිසුවෙකු රළ පහරකට හසුවී දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත.
කුරුණෑගල මාවතගම ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රමෝද් සුබසිංහ නැමැති 17 හැවිරිදි සිසුවෙකු මෙසේ දියේ ගිලී ඇතුරුදන්ව ඇතැයි චීන වරාය පොලීසිය කියයි.
මෙම සිසුවා ඇතුළු සිසුන් පිරිසක් උපකාරක පංති ගුරුවරයෙකු සමඟ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ මෙසේ අනතුරට ලක්ව තිබේ.