fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්25 වසරකට පසු මහභාණ්ඩාගාරයෙන් වාර්තාවක් -මේ වසරේ ගෙවීම්වලට මුදල් නිදහස්

    25 වසරකට පසු මහභාණ්ඩාගාරයෙන් වාර්තාවක් -මේ වසරේ ගෙවීම්වලට මුදල් නිදහස්

    මේ වසරේදී සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහභාණ්ඩාගාරය විසින් නිදහස් කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා වන සියලුම රාජ්‍ය ආයතනවලින් අනුමත ගෙවීම් මෙමගින් පියවෙන ඇති බව ය.

    පසුගිය වසර 25ක කාලය තුළ වසරක් තුළදී එම වසරේ අනුමත සියලු ගෙවීම් පියවූ එකම වසර බවට ඒ අනුව 2023 වසර පත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය කීය.

    තවද 2022 වසරේ දෙසැම්බර් මස වනවිට ඊට පෙර මාස 18කට අධික කාලයක් තුළ එකතු වී ගෙවිය යුතුව තිබූ හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ද මෙහිදී නිදහස් කර ඇත.

    2023 වසරේ දෙසැම්බර් 19 දක්වා එදිනට විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා ද විශ්‍රාමික පාරිතෝෂිත දීමනා නිසි පරිදි ගෙවීමට අවශ්‍ය අරමුදල්ද මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.