දකුණු පිලිපීනයේ මින්ඩනාඕ හි අවම වශයෙන් රික්ටර් පරිමාණ 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී ඇති අතර ‘විනාශකාරි සුනාමියක් ඇතිවිය හැකි’ බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි එරට වාර්තා පවසයි.
පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ සහ නිරිතදිග ජපාන වෙරළ තීරයන් සඳහා ජනතාව ඉවත් කිරීමේ නියෝග ආරම්භ වී ඇත.
මීටරයක් (අඩි 3ක්) හෝ ඊට වැඩි සුනාමි රළ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පිලිපීන භූ කම්පන පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මධ්‍යම රාත්‍රියේදී මුහුදු රළ පැමිණිය හැකි බවත් එය පැය ගණනාවක් පුරා තිබිය හැකි බවත් ය.
අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පැවසුවේ සමහර පිලිපීන වෙරළ තීරයේ වඩදිය මට්ටමට මීටර් 3 ක් පමණ ඉහළින් රළ ඇති විය හැකි බවයි.
මෙම කාල සීමාව තුළ දැනටමත් මුහුදේ සිටින බෝට්ටු තවදුරටත් උපදෙස් දෙන තුරු ගැඹුරු ජලයේ මුහුදේ රැඳී සිටිය යුතු වන අතර Surigao Del Sur සහ Davao Oriental පළාත්වල වෙරළ ආසන්නයේ වෙසෙන ජනතාව ‘වහාම ඉවත් කිරීමට’ හෝ ’ගොඩබිම ඇතුළටම යාමට’ බලධාරීහු උපදෙස් දී ඇත.
භූ කම්පන ක්‍රියාකාරකම් වලට ගොදුරු වන පැසිෆික් සාගරය වටා ඇති ගිනිකඳු තීරයක් වන ‘ගිනි වළල්ල’ මත පිහිටා ඇති පිලිපීනයේ භූමිකම්පා බහුලව සිදුවේ.