fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රීලංකන් ගුවන් සේවයේ 'ගෝලීය විකුණුම් සමුළුවට' සියල්ල සූදානම්

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘ගෝලීය විකුණුම් සමුළුවට’ සියල්ල සූදානම්

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය විකුණුම් සමුළුව 2023 නොවැම්බර් 22 සිට 24 දක්වා හම්බන්තොටදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ඒ සඳහා සහභාගී වන ඉන්දීය උප මහද්වීපය, ආසියා-පැසිෆික්, යුරෝපය, මැදපෙරදිග සහ ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ප්‍රමුඛතම සංචාරක නියෝජිතයින් සහ සංවිධායකවරුන් ශ්‍රී ලංකාවට පැමිණීම මේ වනවිට ආරම්භ කර ඇත.

    මෙම සමුළුවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් 200 කට ආසන්න පිරිසක් සහභාගි වන අතර ඔවුන් සමුළුවට පෙර දිවයිනේ සංචාරය කිරීමට ද නියමිතය.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය විකුණුම් සමුළුව සංවිධානය කිරීම ඔස්සේ ගුවන් සමාගමේ මෙහෙයුම් සැලසුම් ප්‍රවර්ධනය හා ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ අපූර්වත්වය ලොවට පෙන්වමින්, සංචාරකයන් දහස් ගණනින් මෙරටට ආකර්ෂණය කරගැනීම අරමුණ වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.