fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"නංගි කරපුවත් කියන්න".."මගේ ප්‍රශ්නේ ඉස්සුවා" -මැතිසබේ කලබගෑනියක් (📹)

    “නංගි කරපුවත් කියන්න”..”මගේ ප්‍රශ්නේ ඉස්සුවා” -මැතිසබේ කලබගෑනියක් (📹)

    • “නංගි කරපුවත් කියන්න”
    • “ඔයා නිධන් හාරපුවත් කියන්න”
    • “හොරෙන් සල්ලි අච්චු ගහපුවත් කියන්න”
    • “මගේ ප්‍රශ්නෙ ඉස්සුවා”
    • “කරුණාකරලා මගේ ප්‍රශ්නෙ ඉල්ලා දෙන්න”

    රට බංකොළොත්භාවට වගකිවයුතු පුද්ගලයන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී මැතිසබය උණුසුම් වීම හේතුවෙන් විනාඩි 5කට සභාව කල්තැබීමට කථානායකවරයා පියවර ගෙන තිබේ.

    ප්‍රශ්නය ඉදිරිපත් කරන අතරතුර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඊට බාධා කළේ මැතිසබේ ඝෝෂා හඬ මධ්‍යයේයි.

    දිගටම ප්‍රශ්නය ඉදිරිපත් කළ විපක්ෂනායකවරයාගේ මයික් එක වෙත පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා එම ස්ථානයට ගොස් විපක්ෂනායකවරයාගේ මයික් එකෙන් ‘නංගි කරපුවත් කියන්න’ ‘ඔයා නිධන් හාරපුවත් කියන්න’ යනුවෙන් කෑගහන්නට විය.

    මෙම අවස්ථාවේ එතැනට ඔහු වළක්වාලීමටත් තත්වය පාලනය කිරීමටත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද එතැනට රැස්විය. ඝෝෂාව දිගටම පැතිරිණ.

    මෙම අවස්ථාවේ ඇතිවූ කළහකාරී තත්ත්වයත් සමඟ සභාවේ කටයුතු විනාඩි 5කට කල්තැබීමට කථානායකවරයා නියෝග කළේය.

    එහි වීඩියෝ දර්ශන පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.