fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"බදු අංකයක් ගත් පමණින් බදුවලට යටත් වෙන්නෑ"

    “බදු අංකයක් ගත් පමණින් බදුවලට යටත් වෙන්නෑ”

    කිසියම් පුද්ගලයෙකු බදු අංකයක් ලබාගත් පමණින් අදාළ පුද්ගලයා ආදායම් බදුවලට යටත් නොවන බව වැඩබලන දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් උපුල් ජයවර්ධන පවසයි.

    ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, නව ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් අනුමත කර ගැනීමේදී, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී හා ඉඩමක් මිලදී ගෙන එය ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කිරීමේදී බදු ගෙවන්නා හැඳින්වීමේ අංකය ඉදිරිපත් කිරීම නීතියෙන් අනිවාර්යවන බව ඔහු සදහන් කළේය.

    අදාළ යෝජනාව ක්‍රියාත්මක වන දිනය මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී තීරණය කරන බව වැඩබලන දේශිය ආදායම් කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.