fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සභාපතිගේ ප්‍රශ්නය නිසා කෝප් රැස්වීම් නවතී

    සභාපතිගේ ප්‍රශ්නය නිසා කෝප් රැස්වීම් නවතී

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එහි සභාපතිවරයාට අදාළ ගැටලු විසඳන තුරු යළි නොකැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කර තිබේ.

    කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කිරීමෙන් අනතුරුව කථානායකවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත.

    “මහාචාර්ය රංජිත් බණ්ඩාරට අදාළ ප්‍රශ්නය ස්ථාවර නියෝගවලට අනුව කෝප් කමිටු සාමාජිකයන් විසින් විසඳිය යුතුයි,” කථානායකවරයා පැවසීය.

    අද පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබූ කෝප් කමිටු රැස්වීමද අවලංගු කළ බව කථානායකවරයා නිවේදනය කළේය.

    මීට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ නිර්දේශ නිකුත් කිරීමෙන් වැළකී සිටීමෙන් කෝප් කමිටු සභාපතිවරයා සිය රාජකාරිය පැහැර හැර ඇති බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළි වී ඇති බවයි.

    ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපතිත්වයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

    මහාචාර්ය රංජිත් බණ්ඩාර අඩුම තරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පරීක්‍ෂණයේදිවත් ඈත් කළ යුතු බව ඔහු පැවසීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.