දැනට විදේශගතව සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම ඔහු දිවයිනට නැවත පැමිණීමෙන් පසු පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදිය යුතු යැයිද අභියාචනාධිකරණය නියෝග කර ඇත.
පසුගිය අප්‍රේල් 30වැනිදා දේවමෙහෙයක් අතරතුර දී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගම් අතර නොසන්සුන්තාවක් නිර්මාණය වන ආකාරයේ ප්‍රකාශයක්සිදුකීරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඔහු පිළිබඳ නීතිමය තත්ත්වයක් මතුවිය.
ප්‍රකාශය තුළින් අදාළ දේවගැතිවරයා බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට බරපතල අපහාසයක් සිදු කර ඇති බව මේ පිළිබඳ චෝදනා කරමින් පෙත්සම්කරුවන් පවසා තිබුණි.