fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ක්‍රිකට් ලොක්කන්ගෙන් ප්‍රශ්න කරද්දී කෝප් සභාපතිගේ 'හස්ත සංඥාව' ගැන පරීක්ෂණයක් ඉල්ලයි (📹)

    ක්‍රිකට් ලොක්කන්ගෙන් ප්‍රශ්න කරද්දී කෝප් සභාපතිගේ ‘හස්ත සංඥාව’ ගැන පරීක්ෂණයක් ඉල්ලයි (📹)

    කොප් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන අතරතුරදී කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් කරන ලදැයි කියන ‘හස්ත සංඥාව’ (Hand Signal) පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනකු අද කථානායකවරයා‍ගෙන් ඉල්ලීම් කර තිබේ.

    පාර්ලි‍මේන්තුව අද රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඊයේ (14) ක්‍රිකට් නිලධාරීන්ගෙන් කෝප් කමිටු සාමාජිකයන් ප්‍රශ්න කරන අතරතුරදී කමිටු සභාපතිවරයා විසින් කරන ලද හස්ත සංඥාව ‘උත්තර දෙන්න එපා’ යනුවෙන් කරන ලද ඉඟියක් බවට තමන් සිතනා බවයි.

    ඊයේ පැවති කෝප් කමිටුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සාකච්ඡා වූ බරපතළ කරුණු හමුවේ කමිටු සභාපතිවරයා විසින් එලෙස සාක්ෂිකරුවන් හෝ ප්‍රශ්න කරන කමිටු සාමාජිකයන් කිසිසේත් පාලනය කිරීම නොකළ යුත්තක් බවත් විපක්ෂනායකවරයා අවධාරණය කළේ මෙලෙස ය.

    කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් කරන ලදැයි කියන ‘හස්ත සංඥාව’ පිළිබඳ ආන්දෝලනයට තුඩුදී ඇති වීඩියෝව පහතින්.

    ක්‍රිකට් අර්බුදය විසඳීම පිළිබඳ කෝප් කමිටුුව මින් ඉදිරියට ක්‍රියාකරන විට සභාපතිවරයා නොමැතිව එය සිදුකිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරදෙන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින්, කෝප් කමිටු සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අද දින පාර්ලි‍මේන්තුවේදී සභාපතිවරයාට චෝදනා කළේ මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.