fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රියපළේ ඩීසල් තොග හොරෙන් ඇද්ද නිලධාරීන්ගේ වැඩතහනම්

    දුම්රියපළේ ඩීසල් තොග හොරෙන් ඇද්ද නිලධාරීන්ගේ වැඩතහනම්

    අනුරාධපුර දුම්රියපළේ ආරක්ෂක අංශ ස්ථානභාර නිලධාරිවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

    ඒ දුම්රිය ස්ථානයේ ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ය.

    පසුගිය සැප්තැම්බර් මස 19 වනදා මෙම ඩීසල් සොරකම සිදුව ඇත.

    මේ පිළිබඳ සොයාබැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණි.

    එම කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

    ඩිසල් සොරකම් සම්බන්ධයෙන් වන විමර්ශන සම්පුර්ණයෙන් අවසන් වන තෙක් අදාළ නිලධාරීන්ගේ වැඩතහනම් වේ.

    අනුරාධපුර පොලීසිය ද මේ පිළිබඳ විමර්ශනයක් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.