fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලංකන් වෙතින් කටුනායක ගුවන්තොටේදී Self-check-in සහ Self-bag-drop සේවා

    ශ්‍රීලංකන් වෙතින් කටුනායක ගුවන්තොටේදී Self-check-in සහ Self-bag-drop සේවා

    ශ්‍රීලංකන් ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපළ තුළ Self-check-in සහ Self-bag-drop සේවාවන් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල ගමන්ගන්නා මගීන්ට ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය.

    මෙම ස්වයං-සේවාවන් භාවිතා කරන මගීන්ට වඩාත් ඉක්මනින් Check-in කටයුතු නිමවා විගමන අංශය වෙත ගමන් කළ හැකි නිසා, කාර්යබහුල අවස්ථාවන්වලදී ඇතිවීමට ඉඩ ඇති තදබදය මගහැරී යයි. මෙහිදී අදාළ මූලික කටයුතු කඩිනමින් අවසන් කර, ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයේ පිහිටා ඇති Self-bag-drop ස්ථානය වෙත ගමන් මලු භාරදිය හැකි අතර, විශේෂයෙන්ම නිතර ගුවන් ගමන්වල යෙදෙන මගීන්ට මෙය ඉමහත් පහසුවක් වනු ඇත.

    Flight check-in ක්‍රියාවලිය, ආසන තෝරාගැනීම සහ Boarding pass හා bag tags මුද්‍රණය කරගැනීම ඇතුළු සමස්ත Check-in ක්‍රියාවලිය මෙම ස්වයං-සේවා ස්ථානවලදී සිදුකළ හැකි වේ. මෙම ක්‍රියාවලියෙන් අනතුරුව අනතුරුව Self-bag-drop ස්ථානයට තම ගමන් මලු භාරදී, විගමන කටයුතු නිමවා ඔවුන්ට කෙළින්ම ගුවන් යානයට පිවිසෙන දොරටුව වෙත ගමන් කළ හැකි වේ.

    “කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් සේවාවන් සඳහා බිම් මෙහෙයුම් සිදුකරන නිල සමාගම වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මසකට මගීන් 550,000 ක් සහ ඔවුන්ගේ ගමන් මලු හැසිරවීම සිදුකරනවා. මෙම නව ස්වයං-සේවාවන් හඳුන්වා දීම, ගුවන් තොටුපළේ කටයුතු වඩාත් පහසු කිරීමේ උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම, ගුවන් තොටුපළ භාවිතා කරන මගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන පසුබිමක් තුළ වඩාත් කාර්යක්ෂම ලෙස Check-in සේවාවන් කළමනාකරණය කිරීමට අවස්ථාව සලසා දෙන පියවරක්ද වනවා.” ගුවන් තොටුපළ සහ බිම් මෙහෙයුම් සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකරු දීපාල් පල්ලෙගංගොඩ මහතා පැවසී ය.

    මේ ආකාරයට Self-check-in සහ Self-bag-drop සේවාවන් හඳුන්වා දීම, ශ්‍රීලංකන් ගුවන් සේවය අනුගමනය කරන පුළුල් ඩිජිටල්කරණ ක්‍රමෝපායේ එක් පියවරක් මෙන්ම, ගුවන් ගමන් කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර වශයෙන් දියත් කර ඇති IATA Fast Travel වැඩසටහනට සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. මෙම සේවාවන් හඳුන්වා දීමත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම කලාපය තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු සඳහා ස්වයං-සේවා තාක්ෂණයන් භාවිතා කිරීමේ පුරෝගාමියෙකු බවට පත් වී සිටී.

    “ගුවන් මගීන්ට ලැබෙන පහසුව නව මානයකට රැගෙන යමින් ගුවන් තොටුපළ තුළ මෙවැනි සේවාවන් ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පියාසර කරන මගීන්ට Chek-in පෝලිම්වල රැඳී නොසිට ඉක්මනින් තම කටයුතු අවසන් කරගැනීමට අවස්ථාව සලසා දෙන අතරම, රටේ ගුවන් තොටුපළවල් ඩිජිටල්කරණය කිරීමේ සැලසුම්වල වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්වීමට පුළුවන්. රටේ ජාතික ගුවන් සේවය වශයෙන්, නවීන තාක්ෂණය ඔස්සේ මගීන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් සලසා දෙන මෙම ව්‍යාපෘතිය සඳහා පෙරමුණ ගැනීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ සමූහ ප්‍රධානී චාමර පෙරේරා මහතා පැවසී ය.

    මේ ආකාරයට නවීන තාක්ෂණය ඔස්සේ මගීන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය නිරන්තරයෙන් කැප වී සිටී. Facial Recognition තාක්ෂණය, e-boarding gates ක්‍රමවේදයක්, සහ Virtual හා Augmented Reality තාක්ෂණයන් ඇතුළු අංග රැසක් සහිත Smart Channel ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම ඇතුළු පියවර රැසක් මීට ඇතුළත් වේ.

    වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.srilankan.com

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.