fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්න්‍යෂ්ටික අවි නැති මැදපෙරදිගක් චීනය ඉල්ලයි

    න්‍යෂ්ටික අවි නැති මැදපෙරදිගක් චීනය ඉල්ලයි

    න්‍යෂ්ටික අවිවලින් තොර මැදපෙරදිග කලාපයක් පිහිටුවීම සඳහා ඉහළ සහයෝගයක් ලබාදෙන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවැං මහතා ඊයේ (13) මේ බව කියාසිටියේ, න්‍යෂ්ටික අවි සහ සෙසු පුළුල් විනාශකාරී ආයුධවලින් තොර මැදපෙරදිග කලාපයක් පිහිටුවීම පිළිබඳ සමුළුවේ සිව්වැනි සැසිවාරයේ දී අදහස් දක්වමිනි.

    පවතින වර්තමාන තත්ත්වය සැලකීමේ දී මැදපෙරදිග සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයමින්, කලාපීය අන්තර් සංහිඳියාව සහ සහයෝගිතා තහවුරු කිරීමට කඩිනම් පහසුකම් සැලසිය යුතු බව හෙතෙම පෙන්වාදෙයි. එහිදී න්‍යෂ්ටික අවි නොමැති මැදපෙරදිග කලාපයක් උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව වැඩි උත්සාහයක් ගත යුතු බව ගෙං ෂුවැං මහතා අවධාරණය කළේය.

    න්‍යෂ්ටික අවි සහ සෙසු දරුණු විනාශකාරී ආයුධ කලාපීය සාමය සහ ස්ථාවරත්වය යටපත් කරමින්, මැදපෙරදිග විශ්වාසය කඩ කරන ප්‍රධාන සාධකයක් වී ඇත.

    චීනය සෑමවිටම න්‍යෂ්ටික අවි සහ සෙසු පුළුල් විනාශකාරී ආයුධවලින් තොර මැදපෙරදිග කලාපයක් පිහිටුවීමට සහාය දෙයි. එසේම මෙම පියවර විනාශකාරී ආයුධ ව්‍යාප්තිය මැඩපැවැත්වීමටත්, ජාත්‍යන්තර අවි නිර්ව්‍යාප්ති පාලන තන්ත්‍ර අධිකාරිය සහ එහි කාර්යක්ෂමතාව ආරක්ෂා කිරීමටත්, ආයුධ සහ ගැටුම් අවදානම අඩු කිරීමටත් උපකාරී වනු ඇතැයි චීනය විශ්වාස කරන බව ද ගෙං ෂුවැං මහතා පැවසීය.

    එමගින් දිගුකාලීන කලාපීය සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා වැදගත් යාන්ත්‍රණයක් සැපයෙනු ඇතැයි ද ඔහු කියාසිටියේය.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.