fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් ගැන ඇමති මීළඟට කරන්න යන දේ හෙළිකරයි

    ක්‍රිකට් ගැන ඇමති මීළඟට කරන්න යන දේ හෙළිකරයි

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) තහනම නීති විරෝධී බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජනතා මතය අනුව ඉදිරි තීරණ ගැනීමට තමා අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    “ICCය මෙම තීරණය ගෙන ඇත්තේ හිතුවක්කාරී විදියට. කුමන පදනමකින් මෙම අත්හිටුවීම සිදු කළාද කියලා අපි දන්නෑ. සාමාන්‍යයෙන් කණ්ඩායමක් අත්හිටුවීමට පෙර දීර්ඝ ක්‍රියා පටිපාටියක් තියෙනවා. සියලුම සාමාජික රටවල් ඒ පිළිබඳව ඡන්දය ප්‍රකාශ කරන වාර්ෂික මහා සභා රැස්වීමේදී ගත් තීරණයත් එක්කයි ඒක අත්හිටුවන්න ඕන. ඔවුන් එම ක්‍රියා පටිපාටිය අනුගමනය කරලත් නෑ ඒවගේම මේ අත්හිටුවීම සදාචාරාත්මක නෑ.” යැයිද අමාත්‍යවරයා පැවසීය.

    රට පුරා පිහිටි ක්‍රිකට් ආයතන සියල්ල ද තමාට ඇති බලතල අනුව විසුරුවා හරින බවත් එසේ නොකොට ක්‍රිකට් හැදීම කළ නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇති පසුබිමක ඉදිරි කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (11) ක්‍රීඩා අමාත්‍යාංශයේදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    “මේ මොනවා කළත් වැඩක් නෑ යට හදන්නේ නැතුව. දැන් මහනුවර තියෙනවා, මහනුවර හොර ගුහාවක්. මහනුවර ක්‍රිකට් එක හොරුන්ගේ පාරාදීසයක්. මේවා විසුරුවා හරින්න වෙනවා. ලංකාවෙම ක්‍රිකට් ආයතන සියල්ල මට තියන බලතල ප්‍රකාරව විසුරුවා හරිනවා. අවුරුදු හතරකට වඩා තනතුරු දරපු කිසිම කෙනෙකුට ඉල්ලන්න බෑ. මෙතන තියෙන ජාතික ක්‍රීඩා අභියාචනා කමිටුව තව පුළුල් කරලා ලංකාවෙම දූෂණ ටික විමර්ශනයට ගන්නවා ක්‍රිකට් එක හදන්න. ඒ අරගෙන පනතේ බලතල තියෙනවා ජීවිතාන්තය දක්වා සංගම් වලට ඉල්ලන්න බැරිවෙන්න නීති රීති. මේක හංගලා ගහන්න එ මම කියන්න තියෙන එක කියනවා. ඒ ටික ගෙනල්ලා මේ අයට ක්‍රීඩා සංගම්වලට ඉල්ලන්න බැරි කරන්න ඕන මේ ක්‍රිකට් එක හදන්න බෑ නැත්නම්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට නිෂේධ බලයක් තියෙනවා. ඔහුගේ කීම මතනේ ක්‍රිකට් තහනම් කරලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔහු පිටුපස මහා බලයක් තියෙන්න ඕනේ. රග්බි එක තහනම් කරනකොට ඒ අය අපිට ලියනවා. සදාචාරයක් තියෙන්න එපැයි. ක්‍රීඩා දේශපාලනයත් තියෙනවා නේ. දැන් අපිව තේරුම් අරන් ඔලිම්පික් කමිටුවත් අපිත් එක්ක වැඩ කරනවා නේ. ක්‍රිකට් පරාජයන්වලට කණ්ඩායම වගකියන්න ඕනේ නැහැ. අපි සුබවාදීව බලමු. මාර්ග දෙකයි තියෙන්නේ. ලක් මාතාව බිත්තියට තියලා කඹේ දාලා එල්ලලා තියෙන්නේ. මට එවන්න ජනතාවගේ මතය. මට ඒක වටිනවා. මම ඒවා බලනවා. මෙයාලටම කරගෙන යන්න දෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ අභියෝගය අරගෙන තහනම ඉවත් කරගෙන ක්‍රිකට් හදාගෙන යනවද? ඔය මාර්ග දෙක විතරයි තියෙන්නේ.

    මම වැඩ කරන්නේ මහජනයාගේ සිතුවිලි අනුව. ආණ්ඩුවේ ඉන්නවා හරි දේ කරන්න. හරි දේ අගය කරන තාක්කල් ඉන්නවා. මේ වෙලාවේ ලැබෙන සහයෝගය අඩුයි. ඉස්සරහට බලමු. ආණ්ඩුවේ නෙමෙයි යම් යම් තැන්වල. ව්‍යවස්ථාදායකයේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා.. කිහිප දෙනෙක් හැර. 225න් 210ක් 212ක් සහාය දෙනවා. ජනාධිපතිතුමාගේ සහයෝගය… එතුමාට කවුරුහරි මොනවා හරි කියලා. මම ඇමතිකමේ හිටියත් නැතත් මගේ සටන අතහරින්නේ නැහැ. පුද්ගලික නීතිඥයෝ දාලා හරි නඩු කියනවා. මෙයාලා ගහන ගැහිලි අනුව අපි දන්නේ පාළම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ ඒවා. මේක හොඳ ටෙලි නාට්‍යක්. මම දකිනවා සමහරු සමහර තැන්වල හොරෙන් වීඩියෝ කරගන්නවා. තහනම් කරගන්නවා. හොරා රැකලා වැඩක් කරපු ඇමතිව යවන රටක් කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ.” යැයි ද අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.