fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාග වංචා කරන අය අල්ලන්න රටපුරා විශේෂ මෙහෙයුමක්

    සාපෙළ විභාග වංචා කරන අය අල්ලන්න රටපුරා විශේෂ මෙහෙයුමක්

    විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා, දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

    එවැනි පුද්ගලයින් සඳහා තරාතිරම නොබලා නීත්‍යානුකූව කටයුතු කිරීම සඳහා විශේෂ උපදෙස් ලබා දී ඇතැයිද විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද විභාග කොමාසාරිස්වරයා සඳහන් කරයි.

    හෙට ආරම්භ වන ගණිතය විෂය සහ ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත අනෙකුත් විෂයන්, ක්‍රියාත්මක සියලුම විභාග මධ්‍යස්ථාන කිසිදු ගැටලුවකින් සහ බාධාවකින් තොරව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයිද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.

    ඒ සඳහා අදාළ නිලධාරින් පළාත් සහ කලාප මට්ටමින් දැනුවත් කර ඇතැයිද හෙතෙම පැවසීය.

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වැනි දින ආරම්භ කල අතර එළඹෙන මැයි 15 දිනෙන් විභාගය අවසන් වීමට නියමිතය.

    විභාගයේ පළමු දින 06 මේ වන විට අවසන් වී ඇත.

    ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය.

    ඒහෙත් විභාග මාධ්‍යස්ථාන කිහිපයකින් වංචනික ක්‍රියා අනවරණය කරගැනීමට අදාල විභාග කාර්ය මණ්ඩල සහ අධීක්ෂණ කාර්ය මණ්ඩල සමත්ව ඇත.

    ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී අදාළ පොලිස් ස්ථාන දැනුම්වත් කර මූලික විමර්ශන සිදුකොට ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබා දී තිබේ.

    ඒ අනුව පසුගිය දිනවල විභාග වංචනික ක්‍රියාවල නියැලුණු අපේක්ෂකයින් සමග ඊට සම්බන්ධ වූ විභාග කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ අදාළ අනෙකුත් පාර්ශව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් අදාළ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමුකිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img