fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බයික් හොරා පොලිසියේ තුන්දෙනකුව හපලා

    බයික් හොරා පොලිසියේ තුන්දෙනකුව හපලා

    පොලිස් නිලධාරීන් තිදෙනෙකුව හපා කෑ හමුදාවේ විශ්‍රාමික සෙබලෙකු හක්මන පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    හක්මන මීඇල්ලේ පදිංචි 42 හැවිරිදි හමුදා සෙබලෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    හපෑ කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙකු ගංගොඩගම රෝහලට ඇතුලත්කර ඇත.

    යතුරුපැදියක් කොල්ලකා පළායමින් සිටි මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු මෙසේ පොලිස් නිලධාරීන්ව හපා කා පළායාමට උත්සහ දරා ඇති බව කියැවේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.