fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උකස් මධ්‍යස්ථානයක සේප්පුව කපා රන්-මුදල් හොරු අරන්

    උකස් මධ්‍යස්ථානයක සේප්පුව කපා රන්-මුදල් හොරු අරන්

    කුරුණෑගල කොළඹ පාරේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක සේප්පුව කපා රුපියල් කෝටියක රන් භාණ්ඩ සමඟ රුපියල් 348,000ක මුදලක් සොරාගෙන ගොස් ඇත.

    මෙම සොරකම පසුගිය 03 වෙනිදා සවස 4.40ට පමණ ආයතනය වසා දැමීමෙන් පසු ඊයේ උදෑසන 8.20ට එය විවෘතකරන අතර කාලය තුළ සිදුව ඇතැයි කුරුණෑගල පොලීසිය කියයි.

    උකස් ලෙස ලබාගෙන තිබුණූ රන් භාණ්ඩ ආරක්ෂිතව තබා තිබෙන සෙස්ප්පුව ග්‍රයින්ඩරයකින් කපා මෙම සොරකම සිදුකර තිබෙන බව පොලීසිය කියයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න