fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිපෙට්කෝ තෙල් මිල අද රෑ සිට වෙනස් වෙන හැටි

    සිපෙට්කෝ තෙල් මිල අද රෑ සිට වෙනස් වෙන හැටි

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරනු ලබන ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩුවී සෙසු ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇත.

    ඒ අනුව රුපියල් 365ක් ලෙස පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 9 කින් අඩුවී නව මිල රු.356ක් ලෙස පහත බැස තිබේ.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 3 කින් ඉහළ ගොස් නව මිල රු.423ක් වී ඇත.

    ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 5 කින් ඉහළ ගොස් නව මිල රු.356ක් වේ.

    සුපර් ඩීසල් ලීටරයක මිල රු. 10 කින් ඉහළ ගොස් නව මිල රු.431ක් වී තිබේ.

    භූමිතෙල් ලීටරයක මිල රු. 7 කින් වැඩිවී නව මිල රු.249ක් බව සිපෙට්කෝ නිවේදනය කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න