බලංගොඩ – වේලිඔය ප්‍රධාන මාර්ගයේ නවනැලිය පාසල අසල ප්‍රදේශයට අද අලුයම කලක් පතිතවීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ලවී තිබේ.
කල්තොට පොලීසිය පවසනුයේ පැය කිහිපයක් ඇතුලත සැහැල්ලු වාහන පමණක් ගමන් කිරීමට හැකි ආකාරයට මාර්ගයේ එක් තීරුවක් සකස් කළ බවය.
ඒ අනුව බර වාහන මෙම මාර්ගයේ ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
වේලිඔය සිට බලංගොඩ දෙසට ගමන්කරන බර වාහන කල්තොට දියවින්න හරහා කපුගල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවත් බලංගොඩ දෙස සිට වේලිඔය දෙසට ගමන්කරන බර වාහන රජවක හරහා කපුගල දියවින්න මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවත් පොලීසිය කියයි.