ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභහපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් කර තිබේ.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (31) මෙම පියවර ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්වු විශේෂ සාච්චාවකදී මෙම පත්වීම ප්‍රදානය සිදුකර තිබේ.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්විය.
2000 වසරේදී විශේෂඥ වෛද්‍යවරයකු බවට පත්වූ ඔහු මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරයි.