fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොදු ප්‍රවාහනයට කාඩ් -ඊ ටිකට් සාර්ථකදැයි සොයයි

    පොදු ප්‍රවාහනයට කාඩ් -ඊ ටිකට් සාර්ථකදැයි සොයයි

    පොදු මඟී හා ප්‍රවාහන සේවවාන් සඳහා අයකිරීම් E -Ticketing හරහා සිදුකිරිමේ වැඩපිළිවෙළේ වර්තමාන තත්ත්වය සහ පෙර ගෙවුම් කාඩ්පත හදුන්වාදීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ඒ ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය,ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක පොදු ප්‍රවාහනය සඳහා මෙය හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.

    එම අවස්ථාවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය , ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය හා සම්බන්ධ ආයතන නිලධාරීන් රැසක් සහභාගි වූහ.

    මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම ක්‍රමය හඳුන්වාදීමට රජයන් උත්සහ කළද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න