fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිටකොටුවේ ගින්නට සැබෑ හේතුව එළියට

    පිටකොටුවේ ගින්නට සැබෑ හේතුව එළියට

    පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටි මවුලානා ගොඩනැගිල්ලෙහි ඇතිවුණු ගින්නට හේතුව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    හය මහල් මෙම ගොඩනැගිල්ලෙහි වෙළදසැල් රැසක් පිහිටා තිබේ. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ පහළ මහලේ ඇති තනීෂා ටෙක්ස්ටයිල් වෙළඳසැලෙන් ගින්න හටගෙන ඇති බවය.

    මෙම වෙළඳ සැලේ උදෑසන පහන් දල්වා සුවඳ දුම් ඇල්ලීම සඳහා පොල්කටු පිළිස්සීමට විදුලි ජනක යන්ත්‍රයට යෙදීමට රැගෙනවිත් තිබුණු පෙට්‍රල් ස්වල්පයක් දැමීමේදී ගින්න හටගෙන ඇති බව පොලීසිය කියයි. ගින්න ඇවිලී ඇත්තේ පෙට්‍රල් බූලිය සේවකයෙකුගේ පාදයේ වැදී විසිරීයාම නිසා බවද සඳහන්ය.

    මෙම රෙදිපිළි වෙළසැලේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 07 දෙනෙක් ඇතුළු 21 දෙනෙක් මෙහිදී ගින්නට මැදීවී දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් රෝහල්ගත කරනු ලැබීය.

    ඒ අයගෙන් එක් අයෙක් හැරුණු කොට සෙසු සියළු දෙනාම අද වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය. ඒ අයගෙන් 06 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

    මෙසේ රෝහල්ගතව සිටින ගින්නට මැදිවූ සේවකයින්ගේ සුවදුක් විමසා බැලීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද කොළඹ ජාතික රෝහලටද පැමිණ තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.