fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇහැලියගොඩ OIC වෙඩි තබාගෙන මැරේ

    ඇහැලියගොඩ OIC වෙඩි තබාගෙන මැරේ

    spot_img

    ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර සිල්වා මහතා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.

    ඇහැලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් ස්ථානාධිපතිවරයාට නිල නිවසක් නොමැති බැවින් කාලයක් තිස්සේම පොලිස් ස්ථානාධිපතිවරු සිය නිල නිවස බවට පත්කරගෙන ඇත්තේ පොලීසියට යාබදව ඇති හෝටලයක කාමරයකි.

    මෙම නිලධාරියා වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ එම හෝටල් කාමරය තුලදීය.

    අද උදෑසන පොලිස් ස්ථානයේ රාජකාරි භාර නිලධාරියෙක් මෙම කාමරයට පැමිණ ඇත්තේ දෛනික වාර්තාව පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදීමටය.

    වෙනදාට අලුයම් කාලයේ සිට ඇහැරී සිටින ස්ථානාධිපතිවරයා දොරගුළු දමාගෙන සිටීම හේතුවෙන් ඔහුට දිගින් දිගටම කථාකර ඇතත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ බව එම නිලධාරියා සෙසු නිලධාාරීන්ට දැනුම් දී ඇත.

    එම දැනුම් දීමට අනුව පොලිස් ස්ථානයේ සිටි සෙසු නිලධාරීන් පැමිණ දොරගුළු කඩා පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමකට ලක්ව නිදන ඇද මත මැරී වැටී සිටින අයුරුය.

    ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඔහු සිය කන අසලින් ගිනි අවිය තබා හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය. සිය රාජකාරි ගිනි අවිය වන පිස්තෝලයකින් ඔහු වෙඩි තබාගෙන ඇති බවත් පතොරම් 04ක් බිම වැටී තිබී හමුවී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    හිසට වැදී ඇත්තේ එක් වෙඩිල්ලක් පමණක් බවද එම නිලධාරියා කීය.

    මෙම පොලිස් ස්ථානාධිපතිවරයා සිය රාජකාරි ගිනි අවිය ඊයේ රාත්‍රී 11.00ට පමණ අවි ගබඩාවෙන් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ. ඊයේ දිනයේ ඇහැලියගොඩ පොලිස් වසම තුළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමක්ද දියත්ව තිබී ඇත.

    මෙම නිලධාරියා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව කියැවෙති. නිලධාරියාගේ බිරිඳ ඊයේ උදෑසන මෙම වෙඩි තබාගැනීම දැනගත් වහාම පොලීසියට පැමිණ ඇත.

    ඇය පවසා ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ මව සහ බාල සහෝදරයා සමඟ යම් හිත් අමනාපයකින් සිටි බවය. ඊට මුල්වී ඇත්තේ මව විසින් දේපොල ලියාදීමේදී ඇතිවුණු ගැටළුවක් බව ඇය විසින් කරන ප්‍රකාශවලින් පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    “මම මැරුණම තමයි උඹල හැමෝටම හරියන්නේ “ යැයි කියාද පෙර දිනයකදී මව සහ සහෝදරයා අතර ඇතිවුණු ආරවුලකින් පසු පැවසූ බව බිරිඳ විසින් පොලීසියට පවසා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img