තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බණ්ඩාරවෙල නගරය යටවෙයි -උඩරට මැණිකේ මඟ නවතී

    බණ්ඩාරවෙල නගරය යටවෙයි -උඩරට මැණිකේ මඟ නවතී

    අධික වැස්සෙන් බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට වී අවහිර වී ඇතැයි වාර්තා වේ.

    අක්රමවත් ඉදිකිරීම් , කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාවත් සමග පන්සල ඉදිරිපිටදී, නගරයේ නවතා තිබූ වාහන සහ වෙළෙඳසැල් රැසක් ද ජලයෙන් යට වී ඇතැයි ජනතාව චෝදනා කරයි.

    මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා ගලබඩ යන දුම්රිය ස්ථාන අතර ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

    අද(15) දහවල් 1 ට පමණ මෙය සිදු වී ඇත.

    ඒ හේතුවෙන් කොළඹ කොටුවෙන් පෙරවරු 08.30ට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානයේ නවතා ඇත.

    මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක ය.

    දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බල කාලගුණ විද්‍යාඥයෝ පවසති.
    ඌව, නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
    අද උදෑසන 8.30න් අවසන් වූ 24 පැය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ දැරණියගල ප්‍රදේශයට ය. එය මිලිමීටර් 115.5කි.

     

    රූපසටහන -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    (ඡායාරූප සමාජ ජාල ඇසුරිනි. අයිතිය මුල් හිමිකරුවන් සතුය.)

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img