fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආයතනය තුළදී සේවිකාවට පහරදුන් හිමිකාර යුවළ අත්අඩංගුවට (📹)

    ආයතනය තුළදී සේවිකාවට පහරදුන් හිමිකාර යුවළ අත්අඩංගුවට (📹)

    ආයතනයක් තුළදී අමානුෂික ආකාරයෙන් තරුණියකට පහරදෙන, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ CCTV වීඩියෝව පිළිබඳ විමර්ශනය කළ පොලීසිය විසින් කඳාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදාහැරීමේ (කුරියර් සර්විස්) පෞද්ගලික ආයතනයක හිමිකරු සහ ඔහුගේ බිරිඳ කඳාන ලිප්ටන් පාර, නාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පහරකෑමට ලක්වන තරුණිය, වසර 03ක පමණ කාලයක සිට සැකකාර අඹුසැමි යුවළගේ නිවසේ සිට එහි සේවය කරන ඥාතියකු ද වන සේවිකාවක් බව පොලීසිය කියයි.

    කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් මෙම යුවළ තරුණියට අත්පාවලින්, පුටු සහ වෙනත් උපකරණවලින්ද අමානුෂික ලෙස පහරදෙන අයුරු අදාළ සීසීටීවී වීඩියෝවේ ඇතුළත් ය.

    අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය වයස අවුරුදු 36 ක්වූ කඳාන නාගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි. පහර කෑ තරුණිය 19 වියැති තරුණියකි.

    මොවුන් විසින් කඳාන, ආනියාකන්ද ප්‍රදේශයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ වෙළදාම් කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යයි.

    පසුගිය 03 වන දින වූ මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධව සමාජ මාධ්‍යජාලා මගින් ප්‍රචාරය වූ වීඩියෝවක් හා ඒ පිලිබඳව 118 ඇමතුම් මධ්‍යස්ථානය මගින් කඳාන පොලිසිය වෙත ලද තොරතුරක් මත කළ විමර්ශනයට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

    පහර කෑ කාන්තාව ද ඊයේ කඳාන පොලිස් ස්ථානයට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද කර ඇත.

    සැකකරු හා සැකකාරිය එම තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් මෙම පහර දීම සම්බන්ධව මුල් අවස්ථාවේ ඇය විසින් පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමට නොපැමිණි බවත් මෙම සිදුවීමට අදාල වීඩියෝ දර්ශන රූපවාහිනී නාලිකාවක හා සමාජ මාධ්‍යජාලා ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පැමිණිලි කිරීමට තීරණය කල බවත් ඇය විසින් ප්‍රකාශ කර ඇත.

    කදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

    සේවය කරන අතරතුර ඇතිවූ ගැටලුවක් මත මෙම පහරදීම කළද මේ අයුරින් කිසිදු විටෙක පහරදීමට අයිතියක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව

    කිසිදු ආයතනයක් කුමන වරදක් සිදුවුවද ඊට අදාළ නීතිමය පියවර ගනු මිසක මෙවැනි පහරදීම් සිදුනොකරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    සිද්ධියට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. Such inhuman behavior??? What kind of a woman only provoked her inhuman husband instead of trying to settle. Disgraceful!!! Even if she (girl) had robbed the company this is so brutal. Charge both husband and wife and get the girl a handsome compensation. How would the girl’s parents feel seeing their daughter being beaten up by relatives?

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න