අධික වැස්සෙන් බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට වී අවහිර වී ඇතැයි වාර්තා වේ.
අක්රමවත් ඉදිකිරීම් , කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාවත් සමග පන්සල ඉදිරිපිටදී, නගරයේ නවතා තිබූ වාහන සහ වෙළෙඳසැල් රැසක් ද ජලයෙන් යට වී ඇතැයි ජනතාව චෝදනා කරයි.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා ගලබඩ යන දුම්රිය ස්ථාන අතර ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
අද(15) දහවල් 1 ට පමණ මෙය සිදු වී ඇත.
ඒ හේතුවෙන් කොළඹ කොටුවෙන් පෙරවරු 08.30ට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානයේ නවතා ඇත.
මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක ය.

(ඡායාරූප සමාජ ජාල ඇසුරිනි. අයිතිය මුල් හිමිකරුවන් සතුය.)