ඉන්දියාවේ ළාබාළතම අගමැතිවරයා වූ රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවෙක් මෙරටට යළි පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සාන්තන් හෙවත් සුතෙන්දිරාජා නමැති ඔහු රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ හත්දෙනාගෙන් එක් අයෙකි.
තමාට යළි දිවයිනට පැමිණ සිය වියපත් මව සමඟ එහි වාසය කිරීමට උදව් කරන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට යවන ලද පෙත්සමක් මගින් සාන්තන් පවසා ඇත්තේ අපරාධ චෝදනාවලට ලක්ව සිටින හෝ වලංගු ලියකියවිලි නොමැති විදේශීය ජාතිකයන් රඳවා සිටින තිරුචි විශේෂ කඳවුරේ තමා දැන් රඳවා සිටින බවයි.
වසර 32ක් තිස්සේ සිරගතව සිටි කාලය තුළ තම මව හමුවීමට නොහැකි වූ බැවින් ශ්‍රී ලංකාවට පැමිණ තම මව රැකබලා ගැනීමට තමාට අවසර දෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.
තම ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා වන පෙත්සම් මහ කොමසාරිස් කාර්යාලයේ විභාග වෙමින් පවතින බවද ඔහු සඳහන් කර ඇත.
තමිල්නාඩු කැබිනට් මණ්ඩලය විසින් 2018 සැප්තැම්බර් මාසයේදී රජීව් ඝාතනයේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ වැරදිකරුවන් හත්දෙනා නිදහස් කිරීම නිර්දේශ කරමින් යෝජනාවක් සම්මත කළේය. නමුත් ආණ්ඩුකාරවරයා තීරණයක් ගන්නවා වෙනුවට එය අධිකරණය වෙත යොමු කළේය.
අවසානයේ දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 ව්‍යවස්ථාව යටතේ අතිවිශේෂ බලතල ක්‍රියාත්මක කර මෙම සිරකරුවන් නිදහස් කරන ලෙස නියෝග කළේය.
මෙම ඝාතන නඩුවේ 2022 මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් A.G. පෙරාරිවාලන්ට දඩුවම සම්පූර්ණ කිරීමට පෙර නිදහස් කරන ලද පළමු පුද්ගලයා ය.
තවත් සිරකරුවන් හය දෙනෙකු වූ නලිනි, රවිචන්ද්‍රන්, එස්. ජයකුමාර්, සාන්තන්, මුරුගන් සහ බී. රොබට් පායාස් ද මාස හයකට පසුව නිදහස් කරන ලදී.
තිරුචි විශේෂ කඳවුරේ රඳවා සිටින සෙසු ශ්‍රී ලාංකිකයන් වන රොබට් පායාස් සහ ජෙයකුමාර් තම නැවත සිය මව් රටට නොපැමිණීමට තීරණය කර තිබේ.