fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්ව විභාගය හෙට -ගංවතුර ප්‍රශ්න නම් මෙහෙම කරන්න..

    5 ශිෂ්‍යත්ව විභාගය හෙට -ගංවතුර ප්‍රශ්න නම් මෙහෙම කරන්න..

    ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වේ.

    විභාගය සඳහා සිසුන් 3,37,596 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

    ඒ සඳහා විභාග මධ්‍යස්ථාන 2,888 ක් පිහිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

    එහි මාධ්‍ය ප්‍රකාශක, ලසික සමරකෝන් මහතා පැවසුවේ, මෙවර විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා සිසුන් පළමුව පිළිතුරු සැපයිය යුතුව ඇති බවයි.

    කාලගුණයේ බලපෑම නිසා හෝ හදිසි තත්ත්වයකදි විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.